දොස්තරලා සායනවලින් ඉවතට තවත් ප්‍රශ්නයක්

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනුයේ ලබන සඳුදා (මාර්තු 2) සිට රෝහල්වල සායන කටයුතුවලින් ඉවත් වීමටයි.

මෙම තීරණය රජය විසින් වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ සේවාවක් ස්ථාපිත කරන ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොදීම හේතුවෙන් ගත් බව සංගමය සදහන් කර තිබේ.

වර්තමානයේ ක්‍රියාත්මක සායන 50ක් සහ ජංගම සායන පද්ධති දේශපාලන අරමුණු මත පදනම් වූ ව්‍යාපෘති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය ප්‍රභාත් අත්තනායක මහතා සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී දිවයිනට රැගෙන එයි

රටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යෑමට සේවක හිඟයක් පවතින පසුබිමක මෙවැනි ව්‍යාපෘති සඳහා සහාය නොදීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා හෝ රජයේ බලධාරීන් සාධනීය මැදිහත්වීමක් නොකිරීම හේතුවෙන් වර්තමාන වෘත්තීය ක්‍රියාමාර්ග පූර්ණ වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බව ලේකම්වරයා තව දුරටත් සදහන් කාරයි.

ඉන්දු – ශ්‍රී ලංකා නාවික සබඳතා ශක්තිමත් කරමින් ‘තරංගිනී’ නෞකාව දිවයිනට

ඉන්දු – ශ්‍රී ලංකා නාවික සබඳතා ශක්තිමත් කරමින් ‘තරංගිනී’ නෞකාව දිවයිනට