GMOA විසදුමක් ඉල්ලයි..

By Sithumi Mar 27, 2023 05:46 PM GMT
Sithumi

Sithumi

Report

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන තෙක් ගෙන එන අන්තර්වාර විසඳුම කුමක්දැයි ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට බලකර සිටිනවා.

අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවා.

 ඉවසීම හෑල්ලුවට ලක් නොකරණ ලෙසටද එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

"අවසානයේ දී ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේ එකඟ වෙච්ච කාරණය තමයි අප ඉදිරිපත් කළ යෝජනා මත පදනම් වෙච්ච සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග පවත්වන ඊළඟ වටයේ පළවෙනි සමාලෝචනයේ දී ධනාත්මක විදියට ප්‍රතිචාර දක්වලා ඒ සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා රජයේ තිබෙන අභිලාශය පෙන්වලා තියෙනවා. 

ඒ නිසා මේ ස්ථිර විසඳුම ක්‍රියාත්මක කරන කාලය සඳහා රජය ඉදිරිපත් කරන අන්තර්වාර විසඳුම් මොනවාද වෘත්තිකයාගේ ඉවසීම හෑල්ලුවට ලක්කරන්න එපා කියලා බරපතළ පණිවිඩය අපි දෙනවා."