රටේ තත්ත්වය අවදානම් - වෛද්‍ය සංගමයෙන් හදිසියේම ඉල්ලීමක් (VIDEO)

Covid 19 Sri lanka GMOA lockdowm
By Sithumi Aug 30, 2021 11:08 AM GMT
Sithumi

Sithumi

Report

සියලු සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ 3වැනි මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ,

"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන කරුණු 6ක් යටතේ වසංගත රෝග අංශයෙන් ඉල්ලීමක් කළා. නැවත රට විවෘත කිරීමට නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතුයි. සෞඛ්‍ය සේවකයින් 300කට අධික ප්‍රමාණයකට දැනටමත් කොවිඩ් ආසාදනය වෙලා. පිරිසක් මියගිහින් තියෙනවා.

රෝහල් කොච්චර තිබුණත් දැන් රෝගීන් බලාගන්න සෞඛ්‍ය සේවකයින් අඩුවෙමින් පවතිනවා. මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයගේ දරුවන් ද විශාල අවදානමක ඉන්නේ. ඒ නිසා තමයි අපි තුන්වෙනි මාත්‍රාවක් ඉල්ලන්නේ." මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ, "අපිට දැනගන්න ලැබිලා තියෙනවා සම්පූර්ණ ෆයිසර් එන්නත හමුදාවට භාර දෙන්නේ.

අපි දන්නේ නෑ මොකක්ද මේකේ විද්‍යාත්මක පදනම කියලා. වසංගත රෝග විද්‍යා අංශය කිව්වද මේක හමුදාව ලවා විද්දුවොත් මේකෙ වැඩි කාර්යක්ෂමතාවයක් ලැබෙනවා කියලා. හමුදාවට පමණක් එහෙම නැතිනම් මිලිටරියට පමණක් ෆයිසර් එන්නත ලබාදෙන්න ගත්ත තීරණය ගැන අපි දැඩි අප්‍රසාදය පළකරනවා. හමුදාවට එන්නත් ලබාදෙනවා නම් යුද්දෙ කාලේ ආයුධ ලබාදෙන්න තිබ්බෙ සෞඛ්‍ය අංශයට. 

ඒ ඒ තාක්ෂණික කණ්ඩායම්වලටයි ඒ කටයුතු භාරදෙන්න ඕනේ. අපි මේ ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාවත් දැනුවත් කරලා තියෙන්නේ. අද දින මෙම තීරණය සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම මේ එන්නත්කරණ ක්‍රියාවලිය ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ සංස්ථා සභාපතිවරුන් නම්, එහෙමත් නැත්නම් වෙනත් පුද්ගලයින් නම් ඒ එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක වෙන්නේ නෑ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now