මැද පෙරදිග උණුසුම දරුණු අතට - ඉරාන ප්රහාරයත් සමඟ තෙල් වෙළඳපොළ කැළඹේ
එක්සත් ජනපදය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී ඇති පසුබිමක ඉරානය පළමු වරට ඊශ්රායල වෙත එල්ල කළ මිසයිල ප්රහාරයෙන් පසු ආසියානු තෙල් මිල නැවත වරක් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ගෝලීය මිණුම් ලකුණක් වන බ්රෙන්ටි තෙල් බැරයලක මිල 3.45%කින් ඉහළ ගොස් ඩොලර් 96.30ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවද එක්සත් ජනපදය වෙළඳාම් කරන බොරතෙල් බැරලයක මිල 3.41%කින් ඉහළ ගොස් ඩොලර් 93.85ක් දක්වා ඉහළ ගොස් තිබේ.