සියලු වගාවන්ට වැදගත් වල වල්නාශකයක තහනම සම්බන්දයෙන් ගත් තීරණය..
By Sithumi
සියලු වගාවන්හි වල් මර්දනය සඳහා යොදා ගන්නා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ, ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම්වලින් පසුවයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව ඇත්තේ වසර 07කට පසු ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාර දී ඇති බවයි.
වල් මර්දනය සඳහා විකල්ප ක්‍රමවේදයක් නොමැතිව 2015දී ග්ලයිෆොසේට් තහනම් කිරීම අස්වනු අඩුවීමට හේතුවී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.