මෙහෙමත් තෑගි දෙනවද... දුන්න තෑග්ග පිළිගන්නවද නැද්ද කියලත් හිතන්න වෙලා

Report

අමෙරිකානු රජය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට කටාර් රාජ්‍යය තිළිණ කළ ගුවන් යානය පිළිගෙන ඇති බවට වාර්තා වේ.

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට කටාර් රාජ්‍ය වෙතින් බෝයි 747 වර්ගයේ ගුවන් යානයක් මෙසේ තැගී ලෙස ලබා දී තිබෙනවා.

බදුල්ලෙ අයියා මලෝ ගැටුමේ වීරයන් ගැන පොලිසිය කිව්ව කතාව

බදුල්ලෙ අයියා මලෝ ගැටුමේ වීරයන් ගැන පොලිසිය කිව්ව කතාව

ඒ අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් ප්‍රවාහය වන එයාර් ෆෝස් වන් බලඇණිය වෙනුවෙන්.

එහි ප්‍රතිඵලයක් ලෙස අඳාළ යානය සියලු නීති රේගුලාසීවලට අනුව අමෙරිකානු රජය විසින් පිළිගෙන ඇති බවට අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එසේ වුවත් ධවල මන්දිරය පෙන්වා දී තිබෙන්නේ එම යානය ජනාධිපතිවරයාගේ නිල ගුවන් ප්‍රවාහය වන එයාර් ෆෝස් වන් බලඇණිය සඳහා භාවිත කිරීමට පෙර එහි වෙනස්කම් කිහිපයක් සිදු කළ යුතු බවයි.

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

මෙම යානය කටාර් රාජකීය පවුල විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත ලබා දී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලයෙන් පසුව ඔහුගේ පුස්තකාලයට ලබාදීමට නියමිතව ඇති මෙම යානයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 400ක් බව සඳහන්.

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට