පළාත් 6කට සහ දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු අවදානමක්- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි ඇම්බර් නිවේදනයක්

Report

ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත අද (19) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (20) අලුයම 1.30 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත .

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල, යාපනය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී තිබේ .

අදාළ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර, එම අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

  අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත්, කාලගුණික තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද දින ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය මෙන්න

අද දින ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය මෙන්න

Gallery