ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් මෙන්ම රජයේ ස්තුතිය පුදකිරීමක් බවයි.
අද (26) උරුමය වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පළමු අදියරට අනුරාධපුර නොච්චියාගම දී එක් වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ උරුමය සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර ඇති බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ, මෙම ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බවත්, ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළා.
එමෙන්ම, ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේ, ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් අපේ රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තය තුළින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවයි.