පාරෙ පෙම් සුව විදිමින් සිටියදී පෙම්වතියගේ නිවසට පෙම්වතා රැගෙන ගොස් කරපු අමතක නොවන පාඩම..

Police spokesman Sri Lanka Police Sri Lanka Accident
By Aruna May 30, 2023 03:05 AM GMT
Aruna

Aruna

Report

කටුගස්තොට ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ කතා කරමින් සිටි පෙම් යුවළක පෙම්වතා නිවෙසට රැගෙන ගොස් පෙම්වතියගේ පියා ඇතුළු පිරිසක් විසින් පහර දීමේ පුවතක් වාර්තා වනවා.

මෙම පෙම් යුවළේ පෙම්වතාගේ වයස අවුරුදු 17 ක් වන අතර පෙම්වතියගේ වයස අවුරුදු 18 ක් බවයි පැවසෙන්නේ.

පෙරේදා (28) කටුගස්තොට නගරයට ආසන්න වීදියක මෙම යොවුන් පෙම් යුවළ කතා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණ ඇති තරුණියගේ පියා සහ ඔහුගේ මිතුරකු මෙම 17 හැවිරිදි පෙම්වතාට පහර දී පසුව ඔහුව කටුගස්තොට ප්‍රදේශයේ නිවෙසට රැගෙන ගොස් නිවසේදී ද පියා, මව සහ පියාගේ මිතුරා එක්ව පහර දී සිසුවාගේ නිවෙසට රැගෙන ගොස් භාර දී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

සිය පුතාට පහර දී ඇති බව දැන ගැනීමෙන් පසුව ඔහුගේ මවුපියන් ඔහු පේරාදෙණිය රෝහලට ඇතුළු කිරිමෙන් පසුව කටුගස්තොට පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය පෙම්වතියගේ පියා, මව සහ පියාගේ මිතුරා ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තිදෙනා ඊයේ (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.

පොලිසිය සඳහන් කරන්නේ, කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී.රාජපක්ෂ මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා සමඟ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක තිලකරත්න, කාඋපොප තක්ෂිලා යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්ෂණ සිදු කළ බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now