ගඟක් හරහා පිහිනා සිසුවෙක් සහ සිසුවියක් දේශසීමා තරණය කරයි. - අවසානයේ සිදු වූ දේ මෙන්න.
By Wayomi
බංග්ලාදේශයෙන් පළාවිත් දේශසීමාව හරහා ඉන්දියාවට ඇතුළු වීමට උත්සහ කළ ගැහැණු දරුවෙකු ඉන්දීය දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස පලායාමට උත්සහ දරා ඇත්තේ 17 හැවිරිදි හින්දු දැරියක් වන අතර මෙම සිද්ධියෙන් දිනකට පසුව තවත් බංග්ලාදේශ ජාතික සිසුවෙක් ගඟක් හරහා පිහිනමින් ඉන්දියාවට පලා යාමට උත්සාහ කර ඇති බව සඳහන්.
21 හැවිරිදි ජිබාන් බර්මන් නමැති මෙම සිසුවා වධහිංසාවට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශයෙන් පලා විත් ඇති අතර ඉන් අනතුරුවයි දේශසීමා ආරක්ෂක හමුදාවට හසුව ඇත්තේ.
ඔහු කොරොට්වා ගඟ හරහා පිහිනා බටහිර බෙංගාලයේ රාජ්ගන්ජ් වෙත ළඟා වී ඇති අතර එහි දී ඔහු අත් අඩංගුවට පත්වීමෙන් පසු පොලිසියට භාර වී ඇති අතර රංග්පූර් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන මෙම සිසුවා තකුර්ගෝන් රජයේ විද්‍යාලයේ ශිෂ්‍යයෙක් බවත් සඳහන්.

මරණ 07ක් සමඟ උණ රෝගීන් 70 දක්වා ඉහළට. - කොළඹින් විශේෂ කණ්ඩයක් උතුරට. - නවතම තත්වය ගැන දැනුම්දෙයි - (VIDEO)