මරණ 07ක් සමඟ උණ රෝගීන් 70 දක්වා ඉහළට. - කොළඹින් විශේෂ කණ්ඩයක් උතුරට. - නවතම තත්වය ගැන දැනුම්දෙයි - (VIDEO)

By Wayomi Dec 13, 2024 08:19 AM GMT
Report

යාපනය දිස්ත්‍රික්කයේ පැතිරෙමින් යන උණ රෝගය පිළිබඳව සොයා බැලීම සඳහා අදත් වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් විසින් යාපනය සහ පේදුරුතුඩුව ප්‍රදේශයන්වල නිරීක්ෂණයකට පිටත්ව ගොස් තිබෙනවා.

උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ කියා සිටියේ, මෙහිදී පේදුරුතුඩුව, යාපනය, කරවෙඩ්ඩි සහ චාවකච්චේරි යන ප්‍රදේශවල රෝගී තත්ත්වය පැතිර යාම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවයි.

මේ අතර මේ වන විට උණ වෛරසයට ගොදුරු වූ රෝගීන් 70 දෙනෙකු යාපනයේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.

දෙසැම්බර් 31න් අවසන්.ඊට කලින් මේ දේ කරන්න. - රු.40,000 ක් සමඟ උසස් පෙළ දක්වා සිසුන්ට ශිෂත්වයක්.

දෙසැම්බර් 31න් අවසන්.ඊට කලින් මේ දේ කරන්න. - රු.40,000 ක් සමඟ උසස් පෙළ දක්වා සිසුන්ට ශිෂත්වයක්.

එමෙන්ම මේ අන් චිට උණ රෝගී තත්වය හේතුවෙන් උතුරු පළාතේ 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

අදාළ මියගිය පුද්ගලයින්ගේ සාම්පල කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කෙරුණු අතර එහිදී සිදුකළ පරීක්ෂණවලදී මේ අනාවරණය වුණේ, සාම්පල කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවටයි.

එලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 20-62 අතර වයස්වල පසුවූ පේදුරුතුඩුව,කරවෙඩ්ඩි, චාවකච්චේරිය සහ මුලතිව් යන ප්‍රද පදිංචිකරුවන් පිරිසක්.   

ජනපති අනුර දැඩි තීරණයක් ගනී. - තරාතිරම් නොබලා රට වෙනුවෙන් ගන්න යන තීරණය මෙන්න. - (VIDEO)

ජනපති අනුර දැඩි තීරණයක් ගනී. - තරාතිරම් නොබලා රට වෙනුවෙන් ගන්න යන තීරණය මෙන්න. - (VIDEO)