පැරීසිය ගිනියම් වෙයි - ‘කහ කබා’ විරෝධතා පාලනය කරන්න පාසල් සහ විශ්වවිද්‍යාල වටා දැඩි තහනමක්
ප්‍රංශයේ සති කිහිපයක් පුරා පැවැත්වෙන විරෝධතා සහ ඒ ආශ්‍රිත ප්‍රචණ්ඩකාරී සිදුවීම් පාලනය කිරීමේ අරමුණින් පැරිස් නුවර පාසල් සහ විශ්වවිද්‍යාල කිහිපයක් ආශ්‍රිතව දින පහක විරෝධතා තහනමක් පැනවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පැරිස් නුවර ද්විතීයික පාසල් 10ක් සහ විශ්වවිද්‍යාල 5ක් ආශ්‍රිතව මෙම තහනම ක්‍රියාත්මක වන බවයි
අද (16) සිට නොවැම්බර් 20 වැනිදා දක්වා බලපැවැත්වෙන මෙම නියෝගය අනුව, අදාළ අධ්‍යාපන ආයතනවල සිට මීටර් 100ක සීමාවක් තුළ අවසරයකින් තොරව විරෝධතා රැස්වීම් සහ පෙළපාළි පැවැත්වීම තහනම් කර තිබෙනවා.
පැරිස් පොලිස් ප්‍රධානී පැට්‍රිස් ෆෝර් පවසන්නේ, පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව අඛණ්ඩව සිදුවන අවහිර කිරීම් සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බවයි.
විශේෂයෙන් අධ්‍යාපන ආයතනවල පිවිසුම් මාර්ග අවහිර කිරීම, පොදු දේපළවලට හානි කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සහ ආරක්ෂක අංශ සමඟ ගැටුම් ඇතිකර ගැනීම වැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා.
මේ අතර, පැරිස් නුවර දිස්ත්‍රික්ක අටක නගරාධිපතිවරුන් ද පාසල්වලට ඇතුළුවන සහ පිටවන ස්ථානවල ආරක්ෂාව තහවුරු කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති බව සඳහන්.
ප්‍රංශයේ මෙම විරෝධතා රැල්ල පසුගිය සැප්තැම්බර් මාසයේදී ආරම්භ වී ඇත්තේ ද්විතීයික පාසල්වල පවතින අඩුපාඩු සහ අධ්‍යාපන පහසුකම් සම්බන්ධ ගැටලු මුල්කර ගනිමින්. පසුව එය විශ්වවිද්‍යාල සිසුන් සහ කම්කරු සංගම් දක්වා ව්‍යාප්ත වී ඇති අතර, ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ක්‍රියාත්මක වන 'කහ කබා' විරෝධතා ව්‍යාපාරය ද ඊට එක්වී තිබෙනවා.
විරෝධතා ආරම්භ වූ දින සිට මේ දක්වා පැරිස් නුවරදී පුද්ගලයන් 1,548 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ප්‍රධානියා ඊයේ ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම, පසුගිය සෙනසුරාදා ප්‍රංශය පුරා පැවති විරෝධතාවලට පුද්ගලයන් 106,000ක් සහභාගී වී ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
ඉන්දියාවට යන එන අයට සුපිරි ආරංචියක් - Tourist Visa වෙනුවට අලුත්ම 'Visitor Visa' කාණ්ඩයක්- ඉන්දියාව වීසා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි
ඉන් 24,000ක් පැරිස් නුවර පැවති විරෝධතාවලට එක්වූ බවයි වාර්තා වන්නේ. සිසුන්, වෘත්තීය සමිති සහ කහ කබා විරෝධතාකරුවන් අඛණ්ඩව පස්වැනි සෙනසුරාදාටත් මෙලෙස විරෝධතාවල නිරත වී තිබෙනවා.
එදින රට පුරා විරෝධතා සම්බන්ධයෙන් පුද්ගලයන් 219 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 45 දෙනෙකු පැරිස් නුවරදී අත්අඩංගුවට ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. කෙසේ වෙතත්, පෙර පැවති විරෝධතාවලට සාපේක්ෂව මෙවර විරෝධතාකරුවන්ගේ සහ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
අධ්‍යාපන ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීම සහ සාමාන්‍ය අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම මෙම නව සීමා පැනවීමේ ප්‍රධාන අරමුණ බව ප්‍රංශ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා.