ජනප්‍රිය නළු ගිරිරාජ් කෞශල්‍ය,නැත්නම් "කුකුළා මුදලාලිගේ" ඇත්තම සුරූපී දියණිය අමන්ද්‍යා උත්පලී (PHOTOS)

actress singer gossip Giriraj Kawshalya Amandha Uthpali Nadagamkarayo
By Sewvandhi Feb 11, 2022 04:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි අමන්ද්‍යා උත්පලී කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ගායනයට අමතරව අපට දැන් ඇයව රංගන ශිල්පිනියක් විදිහටත් දැකගන්න ලැබෙනවා. ඉතින් ඒ තමයි නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ ශ්‍රව්‍ය ආබාධිත කල්පනාගේ චරිතය හරහා.

ඒත් එක්කම ඇය ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙක් සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යයන්ගේ බාල දියණිය බවත් තවමත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ අපූරු දක්ෂ කළා ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම ඇය පෙරපාසල් අවධියේදී තමයි ඇයගේ ගායන හැකියාවන් අම්මයි තාත්තයි හඳුනගෙන තියෙන්නේ. ඉතින් ඇය සංගීතය ඉගෙන ගන්න යොමු වෙන්නෙත් ඒ කාලෙදිමලු. ඇයගේ මුල්ම සංගීත ගුරුවරිය වුනේ මාලනී බුලත්සිංහල මහත්මිය කියලයි ඇය පවසන්නේ.

එතුමියගේ හදිසි වියෝවත් සමඟ ඇය එඩ්වඩ් ජයකොඩි ගුරුතුමා යටතේ සංගීතය හැදෑරුවාලු. එතනින් පස්සේ නන්දසේන කටුවාවල සර්, විශාරද ඉන්දිකා උපමාලි මහත්මිය යන ගොඩක් සංගීතවේදීන්, වේදිනියන් යටතේ ඇය සංගීතය හා ගායනය විෂයයක් විදිහට හැදෑරුවා කියලත් ඇය පවසනවා.

ඉතින් ඒ වගේම 2011 වර්ෂයේදී රන්වල බළකායේ සාමාජිකාවක් වෙන්නත් ඇයට අවස්ථාව ලැබුණා. ඉතින් ගායන දිවියටත් වඩා ඇයගේ රංගන කුසලතා වැඩිදියුණු වුණේ එතනින් කියලයි ඇය පවසන්නේ.

වේදිකාව මත වගේම කැමරාව ඉදිරියේ පවා රංගන පෞරුෂය, රංගනය ඇතුලේ සියුම් තැන් රංගනයේ යෙදෙමින් ඉගෙන ගන්න ඇයට අවස්ථාව ලැබුණේ සහන් රන්වල ගුරුතුමා යටතේ රන්වල පදනම හරහා කියලයි ඇය පවසන්නේ.

ඉතින් තාත්තා එක්ක බලද්දි කලාව කියන විෂය ඇතුළේ ඇය වැලි කැටයක් වගේ කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම ගිරිරාජ් කෞෂල්‍ය කියන රංගන ශිල්පියාගේ අඩුව පුරවන්න මේ ලෝකේ තාම කවුරුත් ඉපදිලා නැහැ කියලත් ඇය කියනවා.

නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයට ඇයට කතා කරපු වෙලාවේ මුලින්ම ඇය කිව්වේ තාත්තාටලු. ඉතින් ඒක ඇහුවම තාත්තා ගොඩක් සතුටු වුණාලු. ඉතින් ඊට පස්සේ තාත්තාගේ අවසරය, අනුදැනුම ඇතුව එහි රූගත කිරීම්වලට දායක වුණාලු.

ඇයට කොහොමත් රඟපාන්න ආසාවක් තිබුණ නිසා ඇය කලින් ඉඳලම තාත්තාට කියලා තිබුණාලු හොඳ නාට්‍ය පිටපතක් ලැබුණොත් ඇය යනවා කියලා. මේක එහෙම ආපු ගමනක් මිසක් තාත්තාගේ අඩුව පුරවන්න දුව ආපු ගමනක් නෙමෙයි කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඒ වගේම ඇය නවකයෙක් නිසා ඇත්තටම ඇයට ‘නාඩගමිකාරයෝ’ ටෙලිනාට්‍යයේ ශ්‍රව්‍ය ආබාධිත කල්පනාගේ චරිතය ලොකු අභියෝගයක් වුණා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම වැරදි අඩුපාඩු හදාගන්න තාත්තාත් ගොඩක් උදව් කරනවා කියලත් ඇය පවසනවා.

ඉතින් ඒ වගේම දැන් සංගීත ගුරුවරියක් විදිහට ඇය ඇයගේම කලායතනයක් පවත්වාගෙන යනවා කියලත් ඇය පවසනවා. නිළියක් විදිහට තාත්තාගේ ගුරුහරුකම් යටතේ හොඳ නාට්‍යවලට දායක වෙමින් රංගනය පැත්තෙන් ඉස්සරහට යන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඇයගේ තාත්තා අසනීප තත්ත්වයට මුහුණ දුන්නේ අනපේක්ෂිත විදිහට කියලත් ඇය පවසනවා. රෝග තත්ත්ව සියල්ල දැනගත්තේ මෑතකදීලු. මහරගම අපේක්ෂා රෝහලේ පසුගිය කාලය පුරාවටම ප්‍රතිකාර ලැබුවාලු. දැනටත් ප්‍රතිකාර කරගෙන යනවා කියලයි ඇය පවසන්නේ. ඉතින් වෛද්‍ය නිර්දේශ අනුව තමයි තාත්තා ඉදිරීයේදී රංගනයට එනවද නැද්ද කියලා තීරණය වෙන්නේ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

___________________________________________________

You may like this video ?

කඩේකට පැන ආයතන හිමියන්ට පහරදෙමින් මංකොල්ල කන CCTV වීඩියෝව


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha