"මං ගැහුවේ උඹට නෙමෙයි ගෙදර ඇවිලෙන ගින්දරට" යකඩ කූරු අතර ඉඳන් මං විඳවන තරම් උඹට දැනුණා නම්... තාත්තට සමාව දීපන් පුතේ...!!”

By Sewvandhi Oct 06, 2021 10:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

“ආදරේට ගහපු පාර උන්දැට වරදින්නැති !”

“උඹ ගෙනා ආයුෂ කරුමෙට එතනින් නවතින්නැති”

තාත්තෙකුට අම්මෙකුට තමන්ගෙ එකාව කොයි තරම් වටිනවද? ඒ එකාව මේ සමාජෙට බරක් නොවී ඉහළම තැනක ඔසවා තියන්නයි හැම අම්මා කෙනෙකුටම, තාත්තා කෙනෙකුටම ඕනි... ඉතින් එහෙම වුණත් කී දේ නාහන තැන පුංචි එකෙකුට තරවටු කරන්නත්, බැන වදින්නත් අම්මලා තාත්තලා පෙළඹෙනවා. ඒක ද්වේෂයෙන් වෛරයෙන් කරන දෙයක් නෙවෙයි.

ඒත් අවාසනාවකට ඒ විදිහේ තරවටුවක් නිසා අහිංසක දරුවෙකුට පසුගිය දවසක ජීවිතය අහිමි වුණා. ඒ තාත්තාගේ කොසු පහරක් නිසා. ඒත් හැමෝම කිව්වේ ඒක තාත්තා, ඒ දරුවා "පාඩම් නොකරපු" නිසා කරපු තරවටුවක් කියල යි.

මේ ගැන සමාජ මාධ්‍ය තුළත් විවිධ සංවේදී සටහන් හුවමාරු වුණා. මේ තියෙන්නෙ ඒ විදිහේ සටහන් කිහිපයක්..

පුතේ, මට සමාවෙයන් !

ගෙදර තේ කහටවත් නෑ ,

හෘදයවස්තුවේ හිලක් තියෙන නංඟිට

දින ගණනකින් බේත් නෑ ,

කාසේ හැදුන උඹේ අම්මා පන අදිනවා ඇද උඩ ,

මල්ලී බෙරිහන් දෙනවා බඩේ ගින්දරට ....

ඒත් මං උඹට ඩේටා කාඩ් අරං දුන්නේ

පවුලේ අඳුර නිවන එකම පහන උඹ නිසා ....,

උඹ එකෙන් ගේම් ගහනකොට

මට දුකක් හිතුනා මගේ පුතේ ...

මං ගැහුවේ උඹට නෙමෙයි

ගෙදර ඇවිලෙන ගින්දරට ...

මට වැරදුනා රත්තරං පුතේ !

යකඩ කූරු අතර ඉදන් මං විදවන වන තරම් උඹට දැනුනානම් ,

මං මියයන වාර ගණන උඹ දන්නවනම් ,

උඹ මට සමාව දේවි මගේ පුතේ... !!!


මල්ලි අපි තාත්තට සමාව දෙමු...|

ආදරේට ගහපු පාර උන්දැට වරදින්නැති

උඹ ගෙනා ආයුෂ කරුමෙට එතනින් නවතින්නැති

ඒත් මං ගැහුවෙ උඹ හදාගන්න ඒ හිත කියනවා ඇති

උඹට නිවන් සුව තාත්තට සමාවෙයන් උඹට ඒ පිං ඇති

-සදෙව්-


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha