දරුවන් ප්‍රාණ ඇපයට අරන් ගුවන් තොටුපොළක්ම වැසූ පියෙක්. - (VIDEO)
ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපොළ වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඒ, තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියෙකු හේතුවෙන්.
35 හැවිරිදි පුද්ගලයෙකු හැම්බර්ග් ගුවන් තොටුපලේ මාර්ග බාධක බිඳ දමමින් පෙරේදා(04) සිය මෝටර් රථය ධාවනය කර එම ගුවන් තොටුපොළ නවතා තිබූ ගුවන් යානයක් යට නතර කළ බවත් අනතුරුව ඔහු ගිනි අවියක් රැගෙන අහසට දෙවරක් වෙඩි තැබූ බවත් ජර්මානු පොලිසිය පවසනවා.
පසුව සැකකරු මෝටර් රථයෙන් පෙට්‍රල් බෝම්බ දෙකක් එළියට ගත් බවත් මෝටර් රථයේ අවුරුදු 4 ක පමණ වයසේ පසුවන දරුවෙකු සිට තිබෙනවා.
දරුවාගේ බාරකාරත්වය සම්බන්ධයෙන් පැන නැගුනු ගැටලුවක් මෙම පුද්ගලයාගේ ක්‍රියා කලාපයට හේතුවන්නට ඇති බව පොලිසිය සැක පළ කරන අතර ඇතැම් ජර්මානු මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පුද්ගලයාගේ මෝටර් රථයේ දරුවන් දෙදෙනෙකු සිටි බවත් මෙම තැනැත්තාගේ බිරිඳ සිය දරුවන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇති බවත්ය.
කෙසේ වෙතත් මෙම ප්‍රාණ ඇපකරු සිදුවීම හේතුවෙන් කිසිවෙකුටත් ජීවිතහානියක් සිදු වූ බවට වාර්තා වී නොමැති අතර පොලිසිය අද (05) ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ, විශේෂ කණඩායමක් තත්වය සමථයකට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.
එමෙන්ම මෙම හේතුවෙන් ගුවන් ගමන් වාර 27කට පමණ බලපෑම් එල්ල වූ බව ගුවන් තොටුපොළ බලධාරීන් පවසන්නේ. \
