මහ මැතිවරණය කල් යයිද..මුද්‍රණාලයාධිපතිනිය මොකක්ද මේ කියන්නේ..

Election Local government Election Latest Headlines
By Sewvandhi Sep 24, 2024 10:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කරන්නේ,මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු කඩිනමින් සිදු කරදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් සියලු දෙනාගේ නම් දිවයින පුරා එකම පත්‍රිකාවක් ලෙස මුද්‍රණය කළත් මහ මැතිවරණයේදී දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අපේක්ෂකයන් වෙනස් වන නිසා ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට ගිය කාලයට වඩා වැඩි කාලයක් වැයවිය හැකි බවද ඇය සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසම ඡන්ද පත්‍රිකා ඉල්ලා සිටි දිනයට වඩා දින කිහිපයකට පෙර ලබාදුන් බවද ඇය කීවාය.

ඒ ආකාරයෙන් මහ මැතිවරණයේදී අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබාදීමට මුද්‍රණාල සේවකයන් කටයුතු කරනු ඇතැයි ද ඇය වැඩිදුරටත් කීවාය.

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%