මම සංගීත් අයියව ඉස්සර ඉදන්ම දන්නවා, ඒත් මන් ඒ ගැන තවම හිතලා නැහැ-නවක නිලි ප්‍රවීනා කල්පනී
අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන නවක රංගන ශිල්පිනියක් තමයි ප්‍රවීනා කල්පනී දිසානායක කියලා කියන්නේ. කොහොම නමුත් ඇයව මේ වනවිට බොහෝ දෙනෙක් හදුනන්නේ ගීතිකා කියන නමින්.
ඉතින් ඒ ඇය රංගනයෙන් දායක වන මුල්ම ටෙලිනාට්‍ය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය නිසයි. කොහොම නමුත් මේ වනවිට අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය දිනාගෙන ඉන්න මේ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මගේ උපන් ගම අනුරාධපුර එප්පාවල ඉහළ හල්මිල්ලෑව.
එහෙම තමයි පදිංචියත්. කලා වැඩවලදි දෙල්ගොඩ ඥාති සහෝදරියකුගේ ගෙදර ඉඳගෙන ඒ කටයුතු වලට දායක වනවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මමයි. අම්මා රජයේ නිලධාරිනියක්. අප්පච්චි ව්‍යාපාරිකයෙක්.
මම මුලින්ම ගියේ අපේ ගමේ තියෙන පාසල වන එප්පාවල ශ්‍රි සිද්ධාර්ථ විද්‍යාලයට. ඊට පස්සේ මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා අනුරාධපුර සෙන්ට්‍රල් කට එනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ කළේ ඒ පාසලේමයි. උසස් පෙළ තමා හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. මම පාසලේදි වේදිකා නාට්‍ය රංගනය හා නැටුම් කළා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්නකොට නර්ථනය ගැන වැඩිදුර හැදෑරුවා.
ඊට පස්සේ මගේ නර්ථන අංග දර්ශන ඇතුළත් විඩියෝවක් අන්තර් ජාලයට දැම්මා. ඒක ගොඩක් දෙනා බලලා තිබුණා. ඒකෙන් පස්සේ තමයි මට මේ රංගනය සඳහාත් අවස්ථාව ලැබුණේ. මගේ නර්ථන විඩියෝව දැකලා සංගීත් ප්‍රභූ අයියා නාට්‍ය අධ්‍යක්ෂකතුමත් කතා කරලා තමයි මේ අවස්ථාවට මට මඟපාදා දෙමින් සහයෝගය ලබාදුන්නේ.
සංගීත් අයියා අපේ පැත්තේම කෙනෙක් ඊට පස්සේ මට මේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකතුමා චාමර සමරවික්‍රම මහතා කතා කරලා ඔන්ලයින් ක්‍රමයට මට තිර පරීක්ෂණයකට ඉදිරිපත්වීමට අවස්ථාව ලබලා දුන්නා. ඊට පසුවයි නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රංගනය සඳහා මට අවස්ථාව ලැබුණේ. මං ඉතින් ඒ කාලේ ඉඳන්ම සංගීත් අයියව දන්නවා.
මට තවම පෙම්වතෙක් නෑ. ඒ ගැනත් ඉස්සරහට බලමු ඉතින්. ගොඩක් දෙනෙක් අහන කතාවක් තමයි මමයි සංගීත් අයියයි ගැන. නමුත් එහෙම දෙයක් නෑ. අපි දෙන්නා නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රඟපානවා පෙම්වතුන් ලෙස එච්චරයි. එහෙම සම්බන්ධයක් නෑ. තවම මං ඒ දේවල් ගැන හිතලා නෑ. තව කල් තියෙනවා ඒකට. දෙමාපියන් එහෙම මට බල කරලත් නෑ මේ විදිහට මෙහෙම අයෙක්ව කසාඳ බඳීන්න කියලා. ඒ ගැනත් ඉස්සරහට බලමු කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |







