තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්

covid19 gazette post travel restriction P.B.Jayasundhara
By Sewvandhi Jun 19, 2021 07:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේ දී තැපැල් සේවයට අදාළ කාර්යයන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පි.බි ජයසුන්දර මහතා විසින් එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශීය හා විදේශීය ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය හා පාර්සල් භාරගැනීම, බෙදාහැරීම සහ තොරතුරු වාර්තා කිරීම, ලියාපදිංචි ලිපි වටිනාකම ගෙවා භාර දීමේ සේවාව, දේශීය හා විදේශීය අධිවේගී තැපැල් සේවාව, ඖෂධ බෙදාහැරීමේ විශේෂ සේවාව හා මුදල් හුවමාරුව ඇතුළු තැපැල් සේවාවට අදාළ කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්…

You may like this video 




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery