මට දැන් මගේ ජීවිතය ගැන බයයි අවුරුදු 20ක් පාවිච්චි කරපු සිම් එක පවා මං අයින් කළා - ගයාන් වික්‍රමතිලක (PHOTOS)

sri lanka gossip Gayan chathurika
By Sithumi Jan 16, 2022 12:42 PM GMT
Sithumi

Sithumi

Report

 ලංකාවේ බොහෝ රසික රසිකාවියන්ගේ ආදරයට සහ ආකර්ෂණයට ලක් වූ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ගයාන් වික්‍රමතිලක කියන්නෙ. ඔහු රංගන කටයුතු සිදුකරනු ලබන්නේ ඉතාමත්ම තාත්වික අංග රචනයන්ගෙන් නිසාම ඔහුගේ රංගනයේ ඇති තාත්වික බව මැනවින් පිළිබිඹු වනවා.

ඒ නිසාම තමයි බොහෝ රසික රසිකාවියන්ගෙන් ඔහුගේ රංගනයට ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ඔහු මේ වන විට දෙවන වරට විවාහ වී සිටින අතර ඔහු පළමු වරට විවාහ වූයේ එක්තරා මුස්ලිම් තරුණියක් සමඟයි. එම විවාහය පිළිබඳව නොයෙකුත් කට කතා අන්තර්ජාලය තුල සැරිසරන අතරම ඔහු ඒවායෙන් නොසැලී දෙවන වරට රංගන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් වන චතුරිකා පීරිස් සමඟ යුග දිවියට එළඹෙනවා

. මේ වන විට චතුරිකාට සහ ගයාන්ට ආරාධනා නමින් සුරතල් දියණියක් ද සිටිනවා. චතුරිකා පීරිස් පළමු වරට විවාහ වී සිටියේ ද ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙකු වන රොෂාන් පිලපිටිය සමඟයි. නමුත් ඔවුන් දෙදෙනාගේ ද විවාහයට වැඩි ආයුෂ නොතිබූ අතර රොෂාන් ද මේ වන විට රිද්මා පිලිපිටිය නම් සුරූපී යුවතිය සමඟ විවාහ වී පුංචි පුතෙකුගේ පියෙක් වනවා. 

 ගයාන් වික්‍රමතිලක පසුගිය කාල වකවානුව තුළදී දේශපාලන පීඨිකාව හා සම්බන්ධ වී සිටියත් මේ වන විට ඔහු දේශපාලනයෙන් ඈත් වී සිය පවුල සමග ආදරයෙන් සහ සතුටින් සිය ජීවිතය ගෙන යනවා. ඉතින් ඔහු සිය දේශපාලන ජීවිතය ගැන පවසා සිටින්නේ මේ වගේ දෙයක්. 

 ඇත්තටම මම දේශපාලනයෙන් අයින් වීමට ප්‍රධානම හේතුව තමයි දේශපාලනයේ ඔස්සේ මට හරියාකාර සමාජ සේවයක් ජනතාවට කරන්නට නොහැකි වීම. ඇත්තටම මට ජනතාවට බොරු කියන්න බැරි නිසාත් ඔවුන් අහන පැන වලට දෙන්න උත්තර නොමැති නිසාත් මම අවුරුදු විස්සක් පාවිච්චි කරපු මගේ sim පත පවා අයින් කළා. මට දැන් මොන දේටත් වඩා වටින්නේ මගේ පවුල.

ඇත්තටම මම මටත් වඩා මගේ ආදරණීය දෝණිට ආදරේයි. මට දැන් මගේ ජීවිතය ගැන හරි බයයි. ඒ මගේ ආදරණීය ආරාධනා දෝණි නිසා. එයා තමයි මගේ ජීවිතේම දැන්. යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ. ඉතින් ඔවුන්ගේ පවුල් ජීවිතය වගේම ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම එලෙසින් ම සාර්ථක වේවා කියලා සුබ පතනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha