ජරමර ගොඩක් මැද්දේ - ලෝක කුසලාන මෞලි මංගල්‍ය අද - ගෞතම් ගාම්භීර් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

Report

අද (19) තවත් හෝරා කිහිපයකින් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මෞලි මංගල්‍යය ලෙස සැළකෙන අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ආරම්භ වීමට නියමිතයි.

මෙවන් පසුබිමක් තුළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක Pat Cummins විසින් ප්‍රකාශ කර ඇත්තේ, තම කණ්ඩායම, ලොව ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසුවන බවයි.

එමෙන්ම නිල් පැහැති කමිස ඇඳගත් ලක්ෂයකකට අධික පිරිසක් නිහඬ කරවීම තරම් තෘප්තියක් නොමැතිවනු ඇති බවයි එහිදී ඔහු දැඩි ලෙස සඳහන් කර ඇත්තේ.

මේ අතර ආනෝදෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරමින් ඉන්දියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වන ගෞතම් ගාම්භීර් ප්‍රකාශ කර තිබෙන්නේ කිසි විටෙකත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝකය දිනන්නට අවස්ථාවක් නොමැති බවටයි.

"ඉන්දියාව මෙවර ලෝක කුසලානය දිනනවා. මිරැකල් එකක් සිදු වුණොත් හැරෙන්න ඕස්ට්‍රේලියාවට දිනන්න තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි"