දිනකට සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට – ලාෆ්ස් ට ගෑස් දෙන්නත් ලිට්‍රෝ සූදානම්!

laugh gas theshara jayasinghe lithro
By Sewvandhi Aug 12, 2021 01:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත්, තම සමාගම සතුව අවශ්‍ය තරම් ගෑස් සංචිත තිබෙන බවත් ලිට්රෝ ගැස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.  වැඩසටහනක් සමඟ ඊයේ (10) ඒක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

“රටේ ගෑස් අවශ්‍යතාවය සමාගම් දෙකම රටට ලබා දෙන අවස්ථාවක දී ටොන් 43,000 ක් පමණ. මේ 43,000 ම මේ වන විට ලිට්රෝ සමාගම සතුව තිබෙනවා. සාමාන්‍යයෙන් දිනකට ලංකාවේ දේශීය වෙළෙඳපොළ තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර අවශ්‍යතාවය තිබුණේ 88,000 – 90,000 අතර. මේ සමාගම් දෙකම ගෑස් නිකුත් කරද්දී. මේ වෙන කොට අපි දිනකට ගෑස් සිලින්ඩර 95,000කට වඩා වෙලෙඳපොළට නිකුත් කරනවා. 09 දා රාත්‍රියේ ලක්ෂයයකට වඩා නිකුත් කළා. මේ විදියට ඊළඟ සියලු දිනයන් හි ඒක දිගට ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ වෙළෙඳපොළට නිකුත් කරනවා.”

“ලිට්රෝ ගෑස් සමාගම රජය සතු ‌පෞද්ගලික සමාගමක්. මෙහිදී අපි ගනුදෙනු කරන්නේ බොහෝ දුරට ජාත්‍යන්ර බැංකු සමග, ඒ වගේම තියෙන වාණිජ බැංකු සමඟග අපි රාජ්‍ය බැංකු සමඟ පමණක් කටයුතු කරන ආයතනයකුත් නෙමෙයි. ලිට්රෝ ගෑස් සමාගමට පුළුවන් නම් රටේ සියලු ගෑස් අවශ්‍යතාවයත් ‌ගෙන්වන්න, මේ තියෙන්නේ ඩොලර් පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවට ගෑස් ලැබෙන්නේ විදේශ රටවලින් කරන ආනයන මත. ඒ සඳහා අවශ්‍ය සියලුම ආනයන කටයුතු, ණයවර ලිපි සියල්ල මේ වන විට විවෘත කරලා ඉවරයි.”

මේ අතර ලිට්රෝ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දැනට බෙදාහැරීම් අත්හිටුවා ඇති ලාෆ්ස් ගෑස් සමාගමට අවශ්‍ය ගෑස් සංචිත ලබා දීමට ලිට්රෝ ගෑස් සමාගමට හැකි බවයි.

“අපි පාරිභෝගික සේවා අධිකාරයට ලිඛිතව දැනුම් දුන්නා පසුගිය 26 වෙනිදා මේ අර්බුදය සඳහා අපේ වෘත්තීමය සීමාවේ තියෙන සීමා සහිතව අපේ තරඟකාරී සමාගමට අපට උපකාර කළ හැක්කේ කෙසේද කියලා. ඒතකොට ඒයින් ඒකක් තමයි අපිට පුළුවන් ලාෆ්ස් ගෑස් සමාගමට අපෙන් ගෑස් සංචිත ලබලා දෙන්න. ඒහෙම ලබලා දුන්නොත් ඔවුන්ට පුළුවන් මේ කහ ගෑස් සිලින්ඩරය සඳහා ගෑස් පුරවන්න. ඒමෙන්ම ඔවුන්ගෙන් යැපෙන ‌බෙදාහැරීමේ ජාලයක් තිබෙනවා. ඒ් වගේම ඒජන්සි නෙට්වර්ක් ඒකක් තිබෙනවා. මේ ගෑස් ලබාදෙන්නේ රුපියල්වලින්. ඒතකොට ඩොලර් ප්‍රශ්නයකුත් නැහැ. මා ‌දන්නා තරමින් පාරිභෝගික අධිකාරිය ඒම කරුණු ලාෆ්ස් ගෑස් සමාගමට සන්නිවේදනය කරලා තිබෙනවා.” 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha