ගෑස් ගැන අගමැතිගෙන් සුභ පණිවුඩයක්.. ලැබෙන දිනය මෙන්න..

Ranil Wickremesinghe Sri Lanka Litro Gas
By Aruna Jul 07, 2022 02:43 AM GMT
Aruna

Aruna

Report

ලබන දොළොස් වැනිදා සිට ගෑස් සිලින්ඩර එක්ලක්ෂ දොළොස් දහස බැගින් දෛනිකව අඛණ්ඩව බෙදා හරින බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (06 වැනිදා) ප්‍රකාශ කළා.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ, ජාතික ජනබලවේගයේ මන්ත්‍රි විජිත හේරත් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අගමැතිවරයා එහිදී මෙසේද කීවේය.

‘‘මෙම මස එකොළොස් වැනිදා සිට අගෝස්තු මුල් සතිය දක්වා ගෑස් මෙට්‍රික් ටොන් තිස්තුන් දහසක් ලැබීමට නියමිතයි.

ඒ අනුව දැනට පවතින ගෑස් හිඟය මෙම මස අවසන් වනවිට හෝ අගෝස්තු මුල් සතිය වනවිට පහව යාවි.

කොළඹ නගරයේ ස්ථාන 140ක දී ගෑස් බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සෑම ස්ථානයකටම කිලෝ ග්‍රෑම් 12 සිලින්ඩර 100 බැගින් සිලින්ඩර එක්ලක්ෂ හතළිස් දහසක් දින දෙකක් තුළ බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා.

බේකරි හා සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ගෑස් නිකුත් කිරීම ද මීට සමගාමීව කෙරෙනවා.

මේ සියලු කරුණු කාලගුණය හා මුහුදේ ස්වභාවය අනුව වෙනස්කම්වලට ලක් වෙන්න පුළුවන්.

නමුත් ඉදිරි මාස 4ක කාලයක් ගෑස් හිඟයකින් තොරව දෙන්නට හැකි බව මගේ විශ්වාසයයි.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now