ගෑස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කරන්න හදන දේ..කැබිනට් අනුමැතියත් හිමි වෙයි..
එල්පී ගෑස් නිෂ්පාදය සහ ඛණිජ තෙල් සංස්ථාවට අනුබද්ද සමගමක් පිහිටූ වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට (07) දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
හෙට පස්වරු 05ට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.
එමෙන්ම වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වයන් සම්බන්ධායෙන් ද මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුවෙනු ඇත.
ඒ අනුව මෙම සතිය තුළ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පවත්වනු ලබන්නේ දෙවන වරට ද වීම විශේෂත්වයකි.
කෙසේවෙතත් සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සිදුකර ඇති යෝජනාව පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.
නමුත් මේ දක්වාත් එම භාණ්ඩ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.
මේ අතර කොළඹ වරායේ සිරවී තිබෙන කිරිපිටි නිදහස් කරගැනීමට අද හැකිවනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ මීට අදාළ මුදල් ගෙවීම් කටයුතු අද දිනයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.
ඒ අනුව කොළඹ වරයේ සිරවී ඇති කිරිපිටි මෙට්‍රික් ටොන් 360ක් නිදහස් කිරීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
https://chat.whatsapp.com/J6sCa941mUnA2rW0LjLVqO