අසාමාන්‍ය බරක් සහිත ගෑස් සිලින්ඩරයක තිබූ දේ

By Sithumi Nov 27, 2021 03:24 PM GMT
Sithumi

Sithumi

Report

සාමාන්‍ය හිස් ගෑස් සිලින්ඩරයක පැවතිය යුතු බරට වඩා කිලෝග්‍රෑම් 2.5ක වැඩි බරින් යුතු ගෑස් සිලින්ඩරයක් හමුවී තිබේ. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගෑස් අලෙවිකරුවකු එය පරීක්ෂාවට ලක්කර තිබූණි.

"මේකේ ගෑස් 12.5kgක් එනවා. හිස් සිලින්ඩරය බරයි 12.2kgක්. ඔක්කොම 24.7kgක්. දැන් මේක මම තද කරලා බලද්දි ගෑස් නැහැ. හැබැයි බර තියෙනවා. ඇතුළේ හෙලවෙන සද්දේ ඇහෙනවා. ඊට පස්සේ තමයි මම මේ අනිත් පැත්ත ගහලා බැලුවේ. 2.5kg තිබ්බා බර."

යැයි ගෑස් අලෙවිකරු පැවසීය. එමෙන්ම සිය නිවසේ ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් පවතින බවට තල්පිටිය දළුව නිර්මලපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු සඳහන් කළේය. ගැ

ටලුකාරී තත්ත්වයක් පවතින බැවින්, තවදුරටත් වෙළෙඳපොළේ ගෑස් සාම්පල ලබාගනිමින් දිගින් දිගටම පරීක්ෂණ සිදුකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ගෑස් කාන්දුවීම හේතුවෙන් සිදුවූ පිපිරීම් පිළිබඳ සොයාබැලීමට වහාම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ යුතු බවයි. 

  මේ අතර ගෑස්වල ප්‍රමිතිය සහ පසුගිය දිනවල ගෑස් කාන්දුව හේතුවෙන් සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සොයාබලන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය සහ මහජන අයිතීන් සුරැකීමේ පදනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.