ගෑස් ගැන නවතම අනාවරණය

sri lanka gas
By Sithumi Jan 01, 2022 12:11 PM GMT
Sithumi

Sithumi

Report

මීට පෙර වසරක කාලය තුළදී දිනකට ගෑස් වෑල් 300 ක් පමණ මාරු කර ඇති බවත් වර්තමානයේ දිනකට වෑල් 3000 ක් පමණ මාරු කරන බවත් වෑල් මාරු කිරීමේ ධාරිතාව 20,000 දක්වා වැඩි කිරීමට මේ වනවිට කටයුතු කරගෙන යන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

ජනතාවට පෙර පරිදි සාමාන්‍ය ආකාරයට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට තව සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බව ද අලුතින් හඳුන්වාදුන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් කාලයක් ගතවීම නිසාත් යන්ත්‍රසූත්‍ර විශාල ප්‍රමාණයක් රටට ආනයනය කිරීමට කටයුතු යොදා ඇති නිසාත් යම්කිසි ප්‍රමාදයක් පවතින බවත් පතිවරයා වැඩිදුරටත් කීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. 
join now