ගෑස් නැතුව බලාගෙන හිටිය අයට නවතම ආරංචියක්
ගෑස් මෙටි්‍රක් ටොන් 3900ක් අඩංගු නෞකාවේ තොග ගොඩබෑමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින බව ලිට්‍රෝ සමාගම පවසනවා.
එහි නව සභාපති මුදිත පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, අනතුරුව සෞඛ්‍ය ඇතුලු අංශ කිහිපයකට ප්‍රමුඛතාවය ලබා දෙමින් ගෑස් බෙදා හැරෙනු ඇති බවයි. බෙදාහැරීම් ආරම්භ කරන දිනය හෙට ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව තීරණය කරන බවද ඔහු සඳහන් කළා.
දින 7කට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ ගෑස් මෙටි්‍රක් ටොන් 3900ක් අඩංගු නෞකාවේ තොග ගොඩබෑමේ කටයුතු අද ආරම්භ කෙරුණේ ඒ සඳහා අවශ්‍ය මුදල් ගෙවීමට ඊයේ රාත්‍රියේ හැකි වීමත් සමගයි. එමෙන්ම අද දිනයේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ලාෆ් ගෑස් නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර ඉන්ධන බෙදා හැරෙන පිරවුම්හල් සහ නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෙඩ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් සෙසු පිරවුම්හල් අසළ අනවශ්‍ය ලෙස පෝලිම් වල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.
එහි ලේකම් මාපා පතිරණ හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ මේ වනවිට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සීමා කර ඇති බවයි. මේ අතර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවදුරටත් අවිනිශ්චිත තත්වයක පවතින බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සමලේකම් ශාන්ත සිල්වා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ලබන 17 වනදායින් පසු ඉන්ධන බෙදාහැරීමේ පිළිබඳව අදාළ අංශ මගින් මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම සඳහා දිවයින පුරා දින ගණනක් දිවා-රෑ අඛණ්ඩව පවතින කිලෝ මීටර ගණනක් දිගු පෝලිම් පොසොන් පොහොය දිනය යෙදී ඇති අද දිනයේත් පවතිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |