මෙරටට එන ගෑස් නැවක ප්‍රශ්ණයක්..රට පුරා ගෑස් පාරිභෝගිකයින් අර්බුධයක..
මෙරට ගෑස් රැගෙන පැමිණි නෞකාවක ගෑස් සාම්පල පරීකෂණ ප්‍රතිඵල ප්‍රමාදවීම හේතුවෙන් එම ගෑස් තොගය ගොඩබෑමේ ගැටලුවකට මුහුණ දී තිබෙනවා.
මීට දින 03කට පෙර එම නෞකාවෙන් අදාළ ගෑස් සාම්පල ලබාගෙන ඇති අතර, මේ දක්වා එම ප්‍රතිඵල ලැබී නැහැ.
ඒ හේතුවෙන් අදාල නෞකාව මේ වනවිට වත්තල, උස්වැටකෙයියාව, හල්දියවත්ත මුහුදු තීරයේ නැංඟුරම්ලා තිබෙනවා.
මේ අතර රට තුළ ගෑස් සැපයුම යළිත් අර්බුදයකට ලක්ව තිබෙනවා.
ලාෆ්ස් ගෑස් සැපයුම සැලකිය යුතු මට්ටමකින් අඩාල වී ඇති අතර බොහෝ ප්‍රදේශවල ලාෆ්ස් ගෑස් දක්නට නොලැබෙන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.
ලිට්රෝ සමාගම නව ප්‍රමිතීන් යටතේ වෙළෙඳපොළට ගෑස් සැපයුව ද පාරිභෝගිකයන් පරණ තොග යටතේ මිලදී ගත් ගෑස් සිලින්ඩර මාරු කිරීමට රැගෙන ඒමත් සමග අර්බුදකාරි තත්ත්වයක් මතුව තිබෙනවා.
පාරිභෝගික අධිකාරිය මීට දින කිහිපයකට පෙර ලිට්රෝ සමාගමට නියෝග කළේ දෙසැම්බර් 4 වනදාට පෙර මිලදී ගත් මුද්‍රා ඉවත් නොකළ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත්, වෙළෙඳපොළ තුළ ලාෆ්ස් ගෑස් සැපුයුම ද අඩාල වී ඇති පසුබිමක මෙම ක්‍රියාවලිය සිදුවීම දුෂ්කර කාර්යයක් වී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් ඔවුන් මුද්‍රා ඉවත් නොකළ ගැටලු සහගත ගෑස් සිලින්ඩර හුවමාරු කිරීමට රැගෙන ආ විට නව සිලින්ඩරයක් ලබාදීම සදහා පාරිභෝගිකයන්ගෙන් කාලසීමාවක් ඉල්ලා සිටි බව ද වාර්තා වනවා.
පාරිභෝගික අධිකාරිය පවසන්නේ මේ සම්බන්ධයෙන් ලිත්‍රෝ සමාගමෙන් මේ වන විටත් කරුණු විමසා ඇති බවයි.
මේ අතර, ගෑස් ආශ්‍රිත සිදුවීම් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවනවා.
හැටන් කොටලගල වත්ත වතු නිවසක ගෑස් සිලින්ඩරයක් අද (12) අලුයම පුපුරා ගොස් ඇති බව වාර්තා වනවා.
මීට දින කිහිපයකට පෙර මිලදී ගත් ගෑස් සිලින්ඩරයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |