ගෑස් ඉල්ලා ලොරිය ඉදිරිපිට ඉඳගත් කාන්තාව (VIDEO)

By Sithumi Nov 15, 2021 02:23 PM GMT
Sithumi

Sithumi

Report

තමන්ට ගෑස් සිලින්ඩරයක් ලබා නොදුන් බව පවසමින් කාන්තාවක් ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථයක් ඉදිරිපිට බිම හිඳගනිමින් විරෝධතාවක නිරත වී තිබේ. වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් මෙලෙස ගෑස් අලෙවි නියෝජිත ආයතනයක් ඉදිරිපිට විරෝධතාවක නිරතව ඇත.

අදාළ ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් එම කාන්තාවට පවසා ඇත්තේ ඇනවුමට ප්‍රමාණවත් පරිදි ගෑස් නොපැමිණ ඇති බවයි. පසුව එම කාන්තාව ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථය ඉදිරිපිට බිම හිඳගෙන විරෝධයේ නිරතව ඇත. 

 ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ අනතුරුව එම ස්ථානයට වාද්දුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ තිබේ. එහිදී ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් අදාළ කාන්තාවට ගෑස් සිලින්ඩරයක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමඟ විරෝධය අවසන් කර ඇත