ගෑස් මිල වෙනස්වීම ගැන විශේෂ දැනුම්දීමක්..
By Aruna
ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල පෙබරවාරි මාසය සඳහා වෙනස් නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණ ද එම පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබා දීමට කටයුතු කරන බවයි.
ජනවාරි 01 වන දා ලිට්‍රෝ සමාගම කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685කින් ඉහළ දැමූ අතර, එය මේ වන විට රුපියල් 4,250ක මිලකට වෙළෙඳපොළේ අලෙවි වනවා.
එමෙන් ම, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 276කින් ඉහළ දැමූ අතර, එය මේ වන විට රුපියල් 1,707කට අලෙවි කරනු ලබයි.
ඊට අමතරව, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල ද රුපියල් 127කින් ඉහළ දැමූ අතර එම සිලින්ඩරයක් මේ වන විට රුපියල් 795ක මිලකට අලෙවි කරනු ලබයි.
You may like this