රටම බලාගෙන ඉන්න, මීළඟ මිල සංශෝධනය.. ගෑස් මිලට කරන්න යන දෙය ගැන ලැබුණ ආරංචිය මෙන්න..
ගෘහස්ථ LP ගෑස් මිල සංශෝධනයක් හෙට (02) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
මේ අතර, අවසන් වරට ගෑස් මිල ගණන් සංශෝධනය වූයේ ජූනි (04) වන දා මධ්‍යම රාත්‍රියේ සිටයි.
ඒ අනුව ලිට්‍රෝ සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගනු ලැබීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කළ අතර එහි නව මිල වූයේ රුපියල් 3,790ක් ය.
එමෙන්ම, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කළ අතර එහි නව මිල වූයේ රුපියල් 1,525ක් ලෙස ය.
තව ද, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩු කළ අතර එහි නව මිල සටහන් වූයේ රුපියල් 712ක් ලෙසයි.