තවත් ඉන්ධන වර්ගයක මිල ගැන එකවරම තීරණයක් ගනී - ඒ මෙන්න මෙහෙමයි.. (UPDATE)

Report

UPDATE :- 

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ගාස්තු සංශෝධනය කළ බව ඉන්දීය ඔයිල් සමාගම සඳහන් කර තිබෙනවා.

-------------------------------------------------

රටම අවදියෙන් බලා හිටිය, ඊයේ රෑ වුණ ඉන්ධන මිලේ වෙනස - පොකට් එකට දැනෙන ගාණකින් ද?. විස්තරය මෙන්න..

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

තවත් ඉන්ධන වර්ගයක මිල ගැන එකවරම තීරණයක් ගනී - ඒ මෙන්න මෙහෙමයි.. (UPDATE) | Fuel Price In Sri Lanka 30Th June 2024

එම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩු වී ඇත.

නමුත්, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 344ක් වේ.

එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 41කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 379ක් වේ.

තව ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් රුපියල් 355 දක්වා අඩුකර ඇත.

කෙසේ වෙතත්, ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස්කර නොමැත.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 317ක් වන අතර භූමිතෙල් මිල රුපියල් 202 ක් වේ.

එම නිවේදනය පහතින් දැක් වේ,

මේ අතර, සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සයිනොපෙක් මිල ගණන් ද වෙනස් කර තිබෙනවා.

Gallery