ලිට්‍රෝ ගැස් හිඟයකුත්...?

bandula lithro Gas cylinder laughf
By Sithumi Aug 09, 2021 02:14 PM GMT
Sithumi

Sithumi

Report

වෙළෙඳපොළ තුළ මේ වන විට ලිට්‍රෝ ගෑස් හිඟයක් ද ඇතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව මේ දිනවල දැඩි අසීරුතාවට පත්ව සිටී.

ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ, ප්‍රමාණවත් තරම් ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කළද ගෑස් හිඟයක් ඇතිවේ යැයි සිතා ජනතාව වැඩි වශයෙන් ගෑස් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා යම් තදබදයක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වී ඇති බවය. 

 ලිට්‍රෝ ගෑස් සමාගම මීට පෙර ප්‍රකාශ කළේ, රටට අවශ්‍ය ගෑස් සංචිත සිය සමාගම සතු බැවින් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවය. ඔවුන් එසේ පැවසුවද මේ වන විට වෙළෙඳපොළ තුළ ලිට්‍රෝ ගෑස් හිඟයක්ද ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පාරිභෝගිකයින්, 

"දැන් දවස් 4ක් විතර වෙනවා ගෑස් ගන්න තැනක් නෑ. තැන් කීපයක බැලුවා."

"කහපාට සිලින්ඩරේට නිල්පාට දෙනවා කියනවා. දැන් බැලුවහම නිල් පාටත් නැ. ගෑස් සිලින්ඩරයක් සල්ලි දීලා ගන්නත් මේ ආයතන කියනවා එහෙම එපා කියලා තියෙනවා කියලා." 

"පුදුම විදියේ දුකක් මේ මිනිස්සු විදින්නේ. අන්තිමට උයන් කන්න තියෙන ගෑස් ටිකත් නෑ." හොරණ පොකුණුවිට ප්‍රදේශයේ ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා අද ගෑස් ප්‍රවාහන රථ පැමිණෙන තෙක් පැය ගණනාවක් පෝළිම්වල රැඳී සිටි ආකාරය  සනිටුහන් විය. 

හොරණ මුලගම ප්‍රදේශයේ එවැනි ම තත්ත්වයක් දක්නට ලැබුණි. ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නැවැත්වීමත් සමඟ මේ වන විට පාරිභෝගික ජනතාවට මිලදී ගැනීමට වෙළෙඳපොළ තුළ ලාෆ් ගෑස් ද නොමැති තත්ත්වයක් පවතී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha