ගෑස් මිල දැනෙන ගණනකින් අද අඩු කරයි..අඩු වෙන්න යන ගණන මෙන්න..
අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව නව මිල ගණන් අද ප්‍රකාශයට පත් කරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළේ.
දැනට පවතින රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,000ට අඩු මුදලකට ගෙන එන බවයි Litro Gas සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයකින් රුපියල් 100ට වැඩි ගණනකින් අඩු වේ යැයි එහි සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
අදාළ ගණනයන් සිදු කර ගෑස් මිල අඩු කෙරෙන නිශ්චිත මිල ගණන් අද පෙරවරුවේ මාධ්‍ය වෙත නිකුත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.