අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල දැනෙන ගණනකින් පහත හෙළයි.

Sri Lanka Litro Gas LAUGFS Gas PLC Litro Gas Price Laugfs Gas Price
By Aruna Jun 04, 2023 12:37 AM GMT
Aruna

Aruna

Report

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහල දමන බව එම සමාගම පවසනවා.

ඒ අනුව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කට වැඩි අගයකින් අඩු කරන බවයි.

කෙසේවෙතත් අඩු කෙරෙන ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බවයි ඔහු අවධාරණය කළේ.

වෙළදපොලේ මේවන විට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,638ක් වනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now