ගෑස් වෙලදසැල් වසා දමයි.. තිරිගු පිටි නිකුත් කිරිමත් සීමා කරයි..
ගෑස් සහ තිරිගු පිටි මිල (11) දින සිට වැඩි කරන බවට ලද තොරතුරක් මත හැටන් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම ගැස් අලෙවි නියෝජිතයන් සිය වෙලදසැල් වසා දමා තිබෙන අයුරු දක්නට ලැබින.
ගැස් අලෙවිකරුවන් පවසන්නේ තමන් සතුව තිබු සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණය නගරයේ ආපන ශාලා වෙත අලෙවි කල බවත්, පාරිභෝගිකයන්ට නිකුත් කිරිමට තරම් ගැස් තොග තමන් සතුව නොමැති බවයි.
පාරිභෝගිකයන් චෝදනා කර සිටින්නේ (11) දින ගැස් මිල වැඩි වන නිසා ගැස් අලෙවි නියෝජිතයන් ගැස් අලෙවි එජන්සිය තුල ගැස් තොග සගවාගෙන තමන් වෙත ගැස් නොමැති බව පවසන බවයි.
මේ අතර තිරිගු පිටි මිල (11) දින සිට වැඩි කරන බවට තිරිගු පිටි සමාගම් විසින් ප්‍රකාශ කිරිමත් සමග ප්‍රධාන නගර වල තිරිගු පිටි එජන්තවරුන් බේකරි වලට පමණක් තිරිගු පිටි තොග නිකුත් කර සිල්ලර වෙලදාම සදහා තිරිගු පිටි නිකුත් නොකරන බව ආහාර ද්‍රව්‍ය අලෙවි කරන සිල්ලර සහ තොග වෙලදුන් කියා සිටියි.
වෙලදසැල් වල කිරිපිටි පැකට් අලෙවි කිරිමට තමන් සතුව තොග නොමැති බව එම වෙලදුන්ද කියා සිටියි.
පවත්නා තත්ත්වය මත ගැස් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ කිරි පැකට් මිල දි ගැනිමට පැමිණි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්වි ඇත.
–හැටන් රංජිත් රාජපක්ෂ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |