ගෑස් ගැන රජය ගත් තීරණය
gas
sinhalanews
srilankanews
gagana news
By Gagana
ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්වල සංයුතිය ඇතුළු කරුණු නියාමනය සඳහා ආයතනයක් පිහිටවීමට කටයුතු කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා.
මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ අමාත්‍යවරයා කියා සිටියේ එවන් කරුණු පිළිබඳව සොයා බැලීමට මෙතෙක් ආයතනයක් නොතිබුණු බවයි.
ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳව ජනතාව අතර මතුව ඇති තැතිගැනීම් පිළිබඳව රජය වගකීමෙන් කරුණු සොයා බලන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු විසඳීම සඳහා සිකුරා දා වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |