ගෑස් සිලින්ඩර ආපසු කැඳවා මුදල් ගෙවීමට නව වැඩපිළිවෙලක්

By Sithumi Dec 23, 2021 04:17 PM GMT
Sithumi

Sithumi

Report

දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදල් ගෙවීමක් සිදුකිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය, නීතිපතිවරයා හා එක්ව වැඩපිළිවෙළක් මේවන විට සකස්කරමින් සිටින බව පාරිභෝගික අධිකාරයේ ආරංචිමාර්ග අනාවරණ සඳහන් කරයි.

පාරිභෝගික අධිකාරිය, නීතිපතිවරයා හා එක්ව අදාළ වැඩපිළිවෙල මේවන විට සකස්කරමින් සිටින බව ඒ පිළිබඳව අපකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසීය. මේ අතර ගෑස් සමාගම් නව සිලින්ඩර නිකුත් කළ බව පැවසුවද තවමත් තමන්ට ගෑස් සිලින්ඩර නොලැබුණු බවට ප්‍රදේශ රැසක ජනතාව චෝදනා කරයි.

අද දිනයේ ශ්‍රී පාද හැටන් මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක ගෑස් උදුනක් පිපිරීයාමෙන් එහි සේවය කරමින් සිටි තරුණයෙකු පිලිස්සුම් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. මේ අතර බගවන්තලාව එල්ටොප්ස් වතුයායේ ගෑස් උඳුනක් ද පුපුරාගොස් තිබේ.

උකුවෙල එගොඩවත්ත ප්‍රදේශයේ නිවසක තුළ ආහාර පිසිමින් සිටියදී ගෑස් ලිපක් පුපරා ගොස් තිබුණු අතර ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පිහිටි අවන්හලකට ගෑස් ලිපක් පුපුරා ගොස් ඇති අතර එහි මීට පෙරද මෙවැනිම අනතුරක් සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය. මේ අතර දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදල් ගෙවීමක් සිදුකරන ලෙස අදාළ සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා පසුගිය 17වනදා ඉල්ලීමක් සිදුකළේය.

ඒ අනුව අධිකරණය විසින් පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර සිටියේ මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙසටය. ලාෆ් සමාගම පැවසුවේ දිවයිනට ගෙන්වා ඇති එම සමාගමට ගෑස් සපයන නෞකා දෙකට අද දහවල් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීමත් සමග කඩිනමින් වෙළෙඳපලට ගෑස් නිකුත් කරන බවය