තවත් ප්‍රදේශයක ගෑස් පිපිරීමක් (PHOTOS)

SINHALA NEWS SRILANKA NEWS GASEXPLOSION SINHALA GOSSIP
By Gagana Dec 23, 2021 05:15 AM GMT
Gagana

Gagana

Report

බගවන්තලාව, එල්ටොප්ස් වතුයායේ වතු නිවසක මුළුතැන්ගෙහි ක්‍රියා විරහිත කර තිබූ ගෑස් උඳුනක් ඊයේ (22) පුපුරා ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

නිවාස හිමියන් දිවා ආහාරය පිලියෙල කර ගෑස් උඳුන ක්‍රියාවිරහිත කර තිබියදී පස්වරු 1 ට පමණ විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව ගොස් පරීක්ෂා කිරිමේදි ගෑස් උඳුන පිපිරී විනාශ වී ඇති බවයි නිවාස හිමියන් කියා සිටියේ.

ගෑස් සිලින්ඩරය මීට මාසයකට පමණ ප්‍රථම බගවන්තලාව ප්‍රදේශයෙන් මිල දී ගත් එකක් බවද නිවාස හිමියා ප්‍රකාශ කළා. ගෑස් උඳුන පිපිරීමෙන් කිසිවෙකුට තුවාල සිදු වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now





GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery