රෙගියුලේටරය උඩ විසිවුණා.. සිලින්ඩරය ගෙනත් පාරෙන් තැබුවා - තවත් ගෑස් අනතුරක් (VIDEO)

By Sithumi Dec 05, 2021 10:47 AM GMT
Report

අවන්හලක් සඳහා අලුතින් රැගෙන පැමිණි ගෑස් සිලින්ඩරය ගෑස් ලිපට සම්බන්ධ කර සුළු වේලාවකින් සිදුවූ අනතුරක් පිළිබඳව බද්දේගම නගරයෙන් වාර්තා විය. සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා සඳහන් කළේ, "එක පාරටම රෙගියුලේටරය උඩ විසිවී ගියා. ගෑස් කාන්දු වෙන්න ගත්තා.

නවත්ත ගන්න බැරි වුණා. මට කරගන්න දෙයක් නැති වුණා. කඩේ ගිනිගනී කියලා බයට සිලින්ඩරය ඔසවාගෙන ඇවිත් පාරෙන් තිබ්බා.

ඊට පස්සේ ගෑස් ඉවර වෙනකම් පාරේ මිනිස්සුන්ව ඉවත් කළා." සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලීසිය පැමිණ අදාළ ස්ථානයේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.