ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් තරුණියක් මරුට..නිකවැරටියේ තවත් පිපිරීමක්.
මීට දින 13 කට පෙර පසුගිය 13 වැනිදා පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමේ සිදුවීමක් වාර්තාවී තිබූ අතර නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වන්නට යෑමේදී ගිනිකූරක් පත්තුකරන්නට උත්සාහ දැරීමක් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් තිබුණි.
එම අවස්ථාවේ බී.ජී. අයේශා කුමුදුනි නමැති 19 හැවිරිදි තරුණිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කරන ලදි.
පසුව ඇයව කොළඹ ජාතික රෝහලට මාරු කරන ලදුව දින 12 ක් ප්‍රතිකාර ලැබූ පසුව ඊයේ (25) සවස ඇය මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මියගිය 19 වියැති තරුණිය විවාහක කාන්තාවක වූ අතර වැලිකන්ද සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටියාය. ඇයට අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ වෙනත් කිසිවකුත් සිට නොමැත.
විශාල ශබ්දය ඇසී අසල්වාසීන් පැමිණ ගිනි නිවා අසල්වාසීන් විසින් ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට මුලින් ඇතුළත් කරන ලදි.
පසුව පිළිසද්සුම් තුවාල අධික නිසා ඇයට වැඩිදුර ප්‍රතිකාර පිනිස කොළඹට රැගෙන ගියත් ජීවිතය බේරාගන්නට බැරි විය.
මියගිය කතගේ පියා සඳහන් කළේ මෑතක දී ගන්නා ලද සිලින්ඩරයක් පුපුරා ගොස් තම දියණියට මෙම අවාසනාවන්ත මරණය සිදු වූ බවයි.
පවුලේ ඥාතීන්ට දේහය භාරදී ඇති අතර අවසන් කටයුතු අද 26 වෙනිදා පැළෑටියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතවය.
මේ අතර නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ 26 දහවල් ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කරයි .
ගෑස් ටැංකිය පිපිරී යාමෙන් ඇති වූ ගිණි ගැණීමෙන් නිවසට සහ නිවසේ දේපල වලටද හානි සිදුව ඇති බවද ,මෙම ගෑස් ටැංකිය පිපිරී ගියේ ගෑස් කාන්දුවකින්ද ,වෙනත් හේතුවකින්ද යන්න පිළිබඳව වැඩිදුරටත් අදාල අංශ සමග පොලීසිය පරීක්ෂණ කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |