දෙනියායම රත් කළ පාසලක් තුළ සිදු වූ ගෑස් පිපිරීම (VIDEO / PHOTOS)

SCHOOL LITRO DENIYAYA GAS ACCIDENT
By Sewvandhi Dec 08, 2021 05:03 AM GMT
Report

ගෑස් කාන්දුවකින් ගින්නක් හටගෙන තිබේ. (07) උදෑසන 10.30ට පමණ එලෙස ගින්න හට ගෙන ඇතැයි දෙනියාය පොලීසිය පවසයි. වතුර උණු කිරීම සඳහා ළිප දල්වා නිල නිවාසයේ කාමරය තුළට ගිය අවස්ථාවේ දී ගින්න හට ගත් බව ගුරුවරියක් සඳහන් කර තිබේ.

පසුව ඇයගේ දැනුම්දීම මත මහත් පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පවත්වා ඇත. ගින්න හටගත් ස්ථානයේ කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩර දෙකක් තිබී ඇතැයි අනාවරණය වී තිබේ.

කුඩා ගෑස් සිලින්ඩරය පෙරේදා වැලිගම ප්‍රදේශයෙන් රැගෙන විත් ඇතැයි වාර්තා වේ. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGallery