70 වසරක් සපිරෙන විශ්ව රූ රාජිනියන්ගේ එදා සහ අද පෙනුම(PHOTOS)

By Sewvandhi Dec 16, 2021 05:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report
118 Shares

 70 වසරක් සපිරෙන විශ්ව රූ රාජිනියන්ගේ එදා සහ අද පෙනුම 16 Dec 2021 දෙසැම්බර් 12 වන දින, විශ්ව රූ රැජින 2021 තරඟාවලිය ඊශ්‍රායලයේ Eilat හිදී පැවැත්වූවා. මෙය 70 වැනි විශ්ව රූ රැජින තරඟාවලිය වූ අතර , මෙවර ඉන්දියාවේ සුරූපිණිය වූ Harnaaz Kaur Sandhu 70 වන විශ්ව රූ රාජිනිය ලෙස අබිසෙස් ලැබූවා..

විශ්ව රූ රැජින තරඟාවලිය ආරම්භ වන්නේ 1952 වසරේ ජූනි මස 28 වෙනිදා දිනෙක එක්සත් ජනපදයේ New York හිදීය. එහිදී මුල්ම රූප රාජිනිය බවට පත්වූවේ ෆින්ලන්තයේ සුරූපිණිය වූ Armi Kuuselaයි .

ඒ ආරම්භයත් සමග අද වන තෙක්ම මේ තරඟාවලිය නොකඩවා සෑම වසරකම පැවැත් වූ අතර අද වන විට ලෝකයේ පිළිගත් රූපලාවන්‍ය තරඟාවලීන් අතර මෙය ප්‍රමුඛතන තරඟාව්ලිය වනවා.   

විශ්ව රූ රැජින තරඟාවලියේ අනෙකුත් රූපලාවන්‍ය තරඟාවලීන් මෙන් රූපයට මුල් තැන හිමි වන්නේ නෑ.. අදාල රට නියෝජනය කරනු ලබන සුන්දරිය මනා පෞරුෂයකින් වගේම හොද දැනුමකින් යුතු අධ්‍යාපන මට්ටමකින් සිටීම මූලිකම සුදුසු කම වනවා.. රූපය ඔවුන් විනිශ්චය කරනු ලබන්නේ තුන්වන සුදුසු කම ලෙසටයි...   

ඒ අනුව වැඩිම වතාවක් රැජිනියන් බිහි වූ රට වන්නේ එක්සත් ජනපදයයි රාජිනියන් 8 දෙනෙකු මේ කිරුළ ඔවුන්ගේ රටට ගෙනගොස් තිබෙනවා.

වෙනිසියුලාව 07ක් ලෙසත්, පෝටෝ රිකෝ රාජ්‍ය 05ක් ලෙසත්, පිලිපීනය 4ක් ලෙසත් ඉදිරියෙන්ම සිටිනවා. ඉන්දියාව, මෙක්සිකෝම, දකුණු අෆ්‍රිකාව සහ ස්වීඩනය රාජිනියන් 3දෙනෙකු බැගින් කිරුළු පලදා තිබෙනවා..

ඉතින් එදා මෙදා තුර ලංකා ඉතිහාසයේ රාජිනියක් ලබාගත් ඉහලම විශ්ව රූ රැජින සම්මානය වන්නේ 1955 වසරේ දෙවැනි අනුශූරතාව දිනා ගැනීමයි.  



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha