ගෑස් සම්බන්ධයෙන් රජය ගත් නවතම තීරණය මෙන්න...කාන්තාවෝ පාරට බසී..
ගෑස් සිලින්ඩරයක තිබිය යුතු ප්‍රොපේන් ප්‍රමාණය පිළිබඳව ප්‍රමිති ආයතනය අධිකරණයට දැනුම් දෙයි.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක තිබිය යුතු ප්‍රොපේන් ප්‍රමාණය 30%ක් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.
මේ අතර දිවයිනපුරා සිදුවූ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනපතිවරයා විසින් පත්කළ සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ වාර්තාව මේ වනවිට සකස්කර අවසන් කර තිබේ.
එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා පැවසුවේ එම වාර්තාව ජනපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිත බවය.
මේ අතර අද පෙරවරු 06න් අවසන් වූ පැය 24 තුළ ගෑස් ආශ්‍රිත පිපිරීම් 18ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.
දෙසැම්බර් මාසයේ ගතවූ දින 16 තුළ පමණක් ගෑස් ආශ්‍රිත සිදුවීම් 700කට ආසන්න සංඛ්‍යාවක් සිදුවී ඇති බව පොලිසීය වැඩිදුරටත් පවසයි.
මේ අතර අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් ගෑස් සිලින්ඩර පිපිරීමෙන් සිදුවූ හානිවලට වන්දි ඉල්ලා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉදිරිපිටදී අද පෙරවරුවේ විරෝධාතාවක නිරත විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |