කෝවිල්වලින් වටිනා දේව ප්‍රතිමා සොරකම් කොට විකුණු කල්ලියක් මාට්ටු වෙයි..

Police Jaffna Gang caught stealing and selling idols
By Aruna Dec 28, 2021 01:21 AM GMT
Aruna

Aruna

Report

උතුරු පළාතේ හිංදු කෝවිල් තුළ ඇති ඉපැරණි දේව ප්‍රතිමා සහ භාණ්ඩ සොරාගෙන කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ යාපනයේ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

සැකකරුවන් සොයාගන්නා ලද ඉපැරණි සෛලමය දේව ප්‍රතිමා 20 ක් සහ භාණ්ඩ කිහිපයක් සොයාගත් බවද පොලිසිය පැවසීය.

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ හින්දු කෝවිල් තුළ වසර සියයකට ආසන්න පෞරාණික වටිනාකමින් යුත් දේව ප්‍රතිමා සහ භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි මත සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරුවන් හා සොරාගන්නා ලද දේවප්‍රතිමා පසුගිය 24 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට තෙලිප්පලෙයි පොලීසිය පියවර ගන්නා ලදි.

අනතුරුව පොලීසිය විසින් සැකකරුවන් දේව ප්‍රතිමා 20 ක් පමණ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට විකුණා තිබියදී 25 වනදා සොයාගනු ලැබීය.

සැකකරුවන් දෙදෙනා විසින් හින්දු කෝවිලෙන් සොරාගන්නා මෙම පිළිම විවිද උපක්‍රම භාවිතා කරමින් රහසිගත ලෙස කොළඹ ප්‍රදේශයට රැගෙනගොස් ඇති බවත් එහිදී විශාල මුදලකට මෙම පිළිම කොළඹ සිටින ව්‍යාපාරිකයන් වෙත අලෙවිකොට ඇති බවටද තොරතුරු අනාවරනය වී ඇත.

දේව පිළිම අතුරුදහන් වීම පිළිබඳව තෙලිප්පලෙයි පොලීසියට පසුගිය 09 වනදා පැමිණිළි ලැබීමෙන් අනතුරුව සිදුකරන ලද විශේෂ පරික්ෂණයකදී සැකකරුවන් දෙදෙනෙකු යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉපැරණි ගණදෙවි ප්‍රතිමා, නාග රූප හා වෛරවන් දේව ප්‍රතිමා සඳහා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලුමක් පවතින බැවින් සැකකරුවන් එම ප්‍රතිමා සොරකම් කිරීමට පෙළඹී ඇති බවටත් අත්අඩංගුවටගත් සැකකරුවන් කීරමලේ සහ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන පරික්ෂණ සිදුකරන තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now