ගණේමුල්ල සංජීව මෙරටට ආ හේතුව හෙළිවෙයි

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 17, 2023 02:41 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ වනවිට ගනේමුල්ල සංජීව මෙරටට පැමිණීමට හේතුව පොලීසිය අනාවරණ කරගෙන ඇත. 2021 වසරේදී තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවක් හරහා ඉන්දියාවට ගොස් ඇති සංජීව පසුව නේපාලයේ කත්මන්ඩු වෙත ගොස් එතැනින් දෝහා කටාර් වෙත පිටත්ව ගොස් ඇති බව පැවසේ.

පොලීසියට තහවුරු වී ඇත්තේ, ඔහු ඒ සඳහා භාවිත කර තිබුණේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් බවට අනාවරණ වීමෙන් පසු ඔහු නැවතත් දෝහා කටාර් සිට නේපාලයේ කත්මන්ඩු දක්වාත්, එතැනින් යළි ශ්‍රී ලංකාව දක්වාත් පිටුවහල් කර ඇති බවයි.

මේ වන විටත් පොලීසිය අනාවරණය කරගෙන තිබෙන්නේ,ඔහුගේ ව්‍යාජ ගමන් බලපත්‍රයට අනුව ඔහු ලංකාවේ සිට ඉන්දියාවටත්, පසුව නේපාලයටත් පැමිණි බවට සටහන් වී තිබුණත් ඒවා තබා ඇත්තේ ව්‍යාජ මුද්‍රා භාවිත කරමින් බවටයි.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගණේමුල්ලේ සංජීව පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

මේ අතර ගනේමුල්ල සංජීවගේ සුවදුක් විමසීමට පැමිණි ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙක්ගේ ආධාරකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔවුන් පාතාලයට සම්බන්ධ බවට ඇතිවූ සැකයක් මතය.