බස්රථ සම්බන්ධයෙන් ගත් ප්‍රබල තීරණයක් මෙන්න - ඉදිරියේ දී සිදු වන්නේ මෙහෙමයි..
By krishani
ඩීසල් හිගය හමුවේ හැකි අයුරින් බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ පසුගිය 9 වනදා ඇතිවූ කලහකාරී තත්ත්වයේ දී තම සංගමයේ සාමාජිකයන්ගේ බස් රථ රැසකට හානි සිදුව ඇති බවයි.
එදින සියලු බස් රථ පැමිණියේ කුලී පදනම මත වන අතර එය තම ව්‍යාපාරය බවයි ගැමුණු විජේරත්න පෙන්වා සිටින්නේ.
කෙසේවෙතත් ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බස් රථ ලබා නොදෙන බව ද ඔහු ප්‍රකාශ කළ සිටියහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |