සලේ දින 26 ක් උපවාස කළා, ලොකු අධිෂ්ඨානයක් ඇති අයෙකුට විතරයි එහෙම කරන්න පුළුවන් - ගම්මන්පිල

Report

විමර්ශන කටයුතු සඳහා සහයෝගය දක්වන ලෙස සැකකරුවෙකුට බලපෑම් කිරීමේ චෝදනාව මත, ඉදිරි කාලයේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව දඬුවම් පැමිණවීමට පියවර ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

අද (01) මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් හෙතෙම කියා සිටියේ, අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව විමර්ශනයකට ලක්ව සිටින පුද්ගලයෙකුට මෙලෙස බලපෑම් කිරීම අයුතු මැදිහත්වීමක් සහ නීති විරෝධී ක්‍රියාවක් වන බවයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළට - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළට - නව අගයන් මෙන්න

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා දින 26ක් පුරා නිරාහාරව සිට සිය උපවාසය අවසන් කිරීම පිළිබඳවද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වීය.

ඔහු පෙන්වා දුන්නේ මෙම උපවාසය හරහා සුරේෂ් සලේ මහතා සතු ඉහළ මානසික ශක්තිය සහ නොසැලෙන අධිෂ්ඨානය මනාව ඔප්පු වන බවයි.

දුම්රියේ ගමන් කරන්නන්ට විශේෂ නිවේදනයක් - ප්‍රධාන ගමන් වාර දෙකක් නැවත දැනුම් දෙන තුරු අවලංගුයි

දුම්රියේ ගමන් කරන්නන්ට විශේෂ නිවේදනයක් - ප්‍රධාන ගමන් වාර දෙකක් නැවත දැනුම් දෙන තුරු අවලංගුයි

රට වෙනුවෙන් කැපවූ රණවිරුවන් සතු සාමාන්‍ය මිනිසෙකුට ළඟාවිය නොහැකි සුවිශේෂී ධෛර්යය සහ මානසික සන්නද්ධභාවය පිළිඹිබු කරන දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.