දුම්රියේ ගමන් කරන්නන්ට විශේෂ නිවේදනයක් - ප්‍රධාන ගමන් වාර දෙකක් නැවත දැනුම් දෙන තුරු අවලංගුයි

Report

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ධාවනය සඳහා බලවේග කට්ටලයක් (Power Set) නොමැති වීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රධාන ගමන් වාර දෙකක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත.

මෙම නිවේදනය තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා විසින්ය. ඒ අනුව පස්වරු 04.00: කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වන දුම්රිය හා උදෑසන 05.55: අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය යන දුම්රිය දෙක අවලංගු කර ඇත.

ලංකා බැංකුව අලුත් වෙන්නයි යන්නේ - බැංකුවට නව ප්‍රධාන බැංකු පද්ධතියක් - මෙන්න විස්තරේ

ලංකා බැංකුව අලුත් වෙන්නයි යන්නේ - බැංකුවට නව ප්‍රධාන බැංකු පද්ධතියක් - මෙන්න විස්තරේ

මෙම දුම්රිය ගමන් වාර දෙකම අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත. දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම දුම්රිය ගමන් වාර අවලංගු වීම් වාර්තා වන අතර, එය දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් ඇති බවයි.

විශේෂයෙන්ම කාර්යාලීය සේවකයන් සහ දෛනික මගීන් විශාල පිරිසක් ගමන් ගන්නා මෙවැනි කාර්යබහුල වේලාවන්හි දුම්රිය අවලංගු කිරීම හේතුවෙන්, දිනෙන් දින මගී ජනතාව දැඩි පීඩාවකට සහ අපහසුතාවකට පත්වන බව ද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.  

ආයෙත් ලංකාවම ලොක්ඩවුන්ද? රජයේ විශ්වවිද්‍යාලයක් වසා දමයි - වෛරස් රෝගයේ අවදානම ඉහළට

ආයෙත් ලංකාවම ලොක්ඩවුන්ද? රජයේ විශ්වවිද්‍යාලයක් වසා දමයි - වෛරස් රෝගයේ අවදානම ඉහළට