මෙවර අවුරුදු උත්සව වලට අතුලත් නොකළ යුතු ක්‍රීඩා ගැන දැනුම්දීමක්..
දෑත් පිටුපසට බැඳ දිවීම ඇතුළු ඊට සමාන ක්‍රීඩා අවුරුදු උත්සව වලට ඇතුළත් නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ දන්ත වෛද්‍ය විශේෂඥ නිරෝෂා රණසිංහ මහත්මිය විසින් අවුරුදු සමයේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ(10) දිනයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකට එක් වෙමින් මේ බව අවධාරණය කළා.
ඇය පවසන්නේ, දෑත් බැඳ දිවීම වැනි ක්‍රියා නිසා බිම ඇද වැටී ස්ථීර දත් කැඩී යෑමෙන් රෝහල් ගත වන සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක සිටින බවයි.
තවද අනතුරකින් ස්ථීර දතක් ගැලවී ගියහොත් නැවත එය යථා තත්වයට පත් කිරීමට නොහැකි බවත්, ඇය එහිදී ප්‍රකාශ කලා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය එහිදී සඳහන් කලේ, එවැනි අනතුරක් සිදු වුවහොත් වහාම කාමර උෂ්ණත්වයේ ඇති කිරි වීදුරුවක, සේලයින් ද්‍රාවණයක හෝ රෝගියාගේ ඛේට ද්‍රාවණයක බහා ලඟම රෝහලට රැගෙන යෑම යම්තාක් දුරකට සාර්ථක ක්‍රමයක් වන බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |