ගෝඨා ගෝ ගමට ජංගම විදුලි බලාගාරයක්..!

Galle Face Protest Sri Lankan protests
By Sewvandhi May 02, 2022 10:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාලු මුවදොර අරගල භූමියට මේ වනවිට පැය 24 පුරා ක්‍රියාත්මක ජංගම සූර්ය විදුලි බලාගාරයක් රැගෙන විත් තිබේ.

ලොරි රථයක සවිකර ඇති එම සූර්ය විදුලි බලාගාරයේ ධාරිතාවය කිලෝ වොට් 6ක් ලෙස දැක්වේ.

වාර්තාකරුවන් පැවසුවේ, එම ජංගම සූර්ය විදුලි බලාගාර රථය දින කිහිපයක සිට අරගල භූමියේ නවතා ඇති බවය.

එයින් ලැබෙන විදුලිය අරගල භූමියේ කූඩාරම්වල රැඳී සිටින ජනතාවගේ අවශ්‍යතා සපූරාලීමට යොදා ගන්නා බව  වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now